Thursday, November 14, 2019

12 ශ්‍රේණිය සඳහා සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය

සන්නිවේදනයෙහි ස්වභාවය


සන්නිවේදනය අරමුණු සහගතය.
අප ඕනෑම අවස්ථාවකදී සන්නිවේදනයේ යෙදෙන්නේ කිසියම් අරමුණක් ඇතිවය. තොරතුරක් ලබා ගැනීම හෝ ලබා ගැනීම, කුතුහලය සමනය කර ගැනීම , විනෝදයක් ලබා ගැනීම වැනි කවර හෝ අරමුණක් එකී සන්නිවේදනය පි‍ටුපස ඇති බව පැහැදිලිය. තොරතුරු ලබා දෙන පාර්ශවයන් හා ලබා ගන්නා පාර්ශවයන් අතර මෙම අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්නම් සන්නිවේදනය සාර්ථක වීමට ඉඩ තිබේ. 
සන්නිවේදනය සංකේතාත්මකය.
සන්නිවේදනය යනු සංකේතාත්මක ක්‍රියාවලියකි. තොරතුරක් නැතහොත් සන්දේශයක් යනු සංකේතවලින් සමන්විත වූවකි. මේ අනුව වචන, සංඥා, ලකුණු, මුද්‍රා,ඉඟි, සිතියම්, සිතුවම්, අකුරු පමණක් නොව ශබ්ද පවා සැලකිය යුතු වන්නේ සංකේත ලෙසය. විවිධ වූ වස්තූන් , පුද්ගලයන්, ස්ථාන මෙන්ම අතිශය සංකීර්ණ හැඟීම්, අදහස්, සංකල්ප ආදිය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට අපට හැකියාව ලැබී ඇත්තේ සංකේත පදනම් කර ගෙන සිදුකරනු ලබන මෙම සන්නිවේදන ගනුදෙණුව නිසාය. සංකේත ‍තෝරා ගැනීම ඉතා පරිස්සමෙන් කළ යුතුය. නැතහොත් වෙනත් අර්ථයන් ඇති වී සන්දේශය ව්‍යාකූල වීමට ඉඩ ඇත.

සන්නිවේදනය විවිධාකාර වේ. 

සන්නිවේදන වර්ග හා ස්වරූප පිළිබඳව අවධානය යොමු කිරීමෙන්  ම එහි විවිධාකාර බව පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගත හැකිවේ. මේ එක් එක් සන්නිවේදන වර්ග හා සවරූප විවිධ් වූ සන්දර්භයන්හි දී  තව දුරටත් විවිධ වෙනස්කම් හා පරිවර්තනයන්ට භාජනය වන බව දැක ගත හැක. පුද්ගලාන්තර සන්නිවේදනයට වඩා කණ්ඩායම් සන්නිවේදනය වෙනස් වෙයි. කථන සන්නිවේදනයට වඩා ලිඛිත සන්නිවේදන ස්වරූපය වෙනස් වෙයි.  තාක්ෂනයේ ආගමනයත් සමඟ සන්නිවේදනය වෙනකම් ‍රැසකට වෙනස් වූ බව පහැදිලිය. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය හැරුණු කොට අන් සියලු සන්නිවේදන වර්ග තාකෂණය නිසාවෙන් කලින් කලට විවිධ පරිවර්තනයන්ට ලක්වීම වැළැක්විය නෝහැකෛය. අප භාවිතයට ගන්නා නොයෙක් සන්නිවේදන විධික්‍රම හා මෙවලම් වෙනස් වීම හා අලුත් වීම පිළිබඳව පරීක්ෂාකාරීව අවධානය යොමු කිරීමෙන් මේ බව වටහා ගත හැකිය.

සන්නිවේදනය සන්දරභානුගතය.

කවර හෝ සන්නිවේදනයක් සිදු වන්නේ කිසියම් සන්දර්භයක් මතය. මෙයින් අදහස් වන්නේ අදාළ සන්නිවේදනය සිදුවන "වටපිටාව"  නැතහොත් "පරිසරය" යි. සන්නිවේදන කාර්යය හා සන්දර්භය අතර සෘජු සමබඳතාවයක් පවතී.  සන්දර්භයට ගැළපෙන ලෙස සන්නිවේදන කර්යය සකස් විය යුතුය. නිදසුනක් ලෙස අවමංගලෝත්සවයකදී එම පරිසරයට උචිත ලෙස සන්නිවේදනය සකසා ගත යුතුය. මෙකී "සන්දර්භය" යන්න හුදු වටපිටාවට පමණක් ලඝු කල යුතු නොවේ. මන් ද විටෙක පුද්ගලයන්, ස්ථාන, වෘත්තිය, සංස්කෘතිය වැනි දේ පවා සන්දර්භය යන්නට අඩංගු විය හැකි බැවිනි.

සන්නිවේදනය ක්‍රියාපටිපාටියකි.

සන්නිවේදනය කිසි විටකත් හුදකලාව පවතින වෙනස් නොවන දෙයක් නොවේ. එය නිරන්තරයෙන් කාලයත් සමඟ වෙනස් වෙයි. එනිසාම සන්නිවේදනය් පිළිබඳ අධ්‍යයනය කිරීම හුදු භාණ්ඩයක් පිළිබඳව අධ්‍යයනය කිරීමට වඩා වෙනස් වූවකි. සන්නිවේදනය අධ්‍යනය කිරීමේදී ඒ හා සම්බන්ධ බොහෝ සාධකයන් පිළිබඳ්ව අධ්‍යයනය කිරීමට සිදුවේ. ඕනෑම සන්නිවේදන අවස්ථාවක කිසියම් ක්‍රියාවලියක් සිදුවේ. නිදසුන් ලෙස ලිඛිත සන්නිවේදන අවස්ථාව ගනිමු. එහිදී පියවර ගණනාවක් පසු කිරීමට සිදු වෙයි. එම ක්‍රියාවලිය හා සම්බන්ඳ සිතීම, සැළසුම් කිරීම,ලිවීම, සංස්කරණය කිරීම, නැවත ලිවීම ආදී විවිධ අවස්ථා ගණනකින් පසුව අවසාන ප්‍රතිඵලය වෙත එළඹේ. මෙසේ අන් ඕනෑම සන්නිවේදන අවස්ථාවකදී ඊට අනුරූප වූ ක්‍රියාවලිය සිදු වන   අයුරු නිරීක්ෂණය කළ හැකිය.

සන්නිවේදනය ද්විමාර්ගික හා ඒක මාර්ගික වූවකි.

සන්නිවේදනය ගනුදෙනුවක් බව කීවෙමු. එනම් තොරතුරු ලබා ගැනීමක් හා ලබා දීමක් යන කර්යයන් දෙක ම එහිදී සිදු වේ. මෙම ගනුදෙනුවට සම්බන්ධ වන පාර්ශව දෙකම ඊට සක්‍රීයව දායක වීමෙන් ඉහළ ප්‍රථිඵල අපේක්ෂා කළ හැකිය. සන්නිවේදන අවස්ථාවන් බහුතරයක් ද්වි මාර්ගික තත්වයක් පෙන්නුම් කරන බව පෙනේ. එහෙත් ඉඳ හිට මීට වෙනස් වූ ඒක මාර්ගික සන්නිවේදනයක් සිදුවන අවස්ථා ද නැත්තේ නැත.

සන්නිවේදනය බලයවේ. 

දැනුම යන්න බොහෝ දුරට තොරතුරු පදනම් කොට ගත්තකි. දැනුම උත්පාදනයට සන්නිවේදනය මූලික වෙයි. ඒ අනුව සන්නිවේදනය දැනුම මත  ගොඩ නැ‍ඟෙන බලයේ සන්නිවේදනය යි. අනෙක් අතට බලය සහ නායකත්වය අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවයකි. නයකයාට සිය කණ්ඩායමේ සහයෝගය අහිමි වූ දාට නායකත්වය අහිමි වෙයි. මේ නිසාම  නායකයා හොඳ සන්නිවේදකයෙකු විය  යුතුය. සියලු අකාරයේ සන්නිවේදන වර්ග "බලය" උත්පාදනයට අවශ්‍ය පසුබිම සැකසීමට උදව් වෙයි.

සන්නිවේදනයේ මූලිකාංග

සන්නිවේදනය යනු ක්‍රියාවලියකි. එය සුමට ලෙස ක්‍රියාත්මක වන්නේ එයට අයත් මූලිකාංග සියල්ලම නිසි ලෙස සම්බන්ධ වී ක්‍රියාත්මක වූවොත් පමණි. එක් අන්තයක සන්නිවේදකයාද අනිත් අන්තයෙහි ග්‍රාහකයා ද සිටින අතර සන්නිවේදනය ද්වි මාර්ගිකව ක්‍රියාත්මක වන විට සන්නිවේදකයා හා ග්‍රාහකයා යන මූලිකාංග ඒ අනුව හුවමාරු වේ. මෙයින් පෙනී යන්නේ සන්නිවේදකයා හා ග්‍රාහකයා යනු අවස්ථානුකූලව හඳුනාගත යුතු පාර්ශවයන් දෙකක් බවයි. කෙසේ වෙතත් මෙම පාර්ශවයන් දෙක අතර සංදේශ හුවමාරු වීමක් අනිවාර්යෙන්ම සිදුවේ.

නිවේදකස්ථානය

සන්නිවේදන ක්‍රියාවලියකට අවශ්‍ය කරන සාධක අතර ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ නිවේදකස්ථානයටයි. නිවේදනය යන සංකල්පය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කර ඇති විද්වතුන් නිවේදකස්ථානයට ප්‍රමුඛත්වයක් ලබා දී ඇත. නිවේදකස්ථානයේ කාර්ය භාර්ය සමාන්‍යයෙන් සරලව හැඳින්වෙන්නේ පණිවිඩය නිකුත් කරන ස්ථානය යනුවෙනි. ඕනෑම සන්නිවේදන ක්‍රියාදාමයක් භාහිරව විමර්ෂණය කිරීමේදී අපට දක්නට ලැබෙන්නේසැබවින්ම පණිවිඩ නිකුත් කිරීමයි. නිවේදකස්ථානය සන්නිවේදන ක්‍රියාදාමයක ආරම්භක ස්ථානයයි. ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක් ඇති වීමට නිවේදක ස්ථානය අනිවාර්යෙන්ම අවශ්‍යයි. මානව සන්නිවේදනය පුද්ගලයෙකු මෙම ස්ථානය වැඩි වශයෙන් නියෝජනය කරයි. නූතන මානවයා නිවේද්කස්ථානයෙහි ක්‍රියාකාරිත්වය සඳහා කෘතීම උපකරණයන් ද භාවිතා කරයි.

ග්‍රාහකස්ථානය

සන්නිවේදකයා විසින් සිය සන්දේශය හුවමාරුකර ගැනීමේ අපේක්ෂාව ඇත්ව එය ඉදිරිපත් කරනු ලබන්නේ කවරෙකු වෙතද  හේ ග්‍රාහකස්ථානය ලෙසින් හඳුන්වයි. ග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් ඇති විට ඒ හැම "ග්‍රාහක ක්ෂේත්‍රය" ලෙස හඳුන්වයි.  සන්නිවේදන ක්‍රියාවලියේදී සන්නිවේදකස්ථානය මෙන්ම ග්‍රාහකස්ථානය ද එක හා සමාන වැදගත් බවක් උසුලයි. මානව සන්නිවේදන ක්‍රියාකාරකම් වල ආරම්භයේ සිටම පණිවිඩ සම්ප්‍රේෂණය සඳහා මිනිසා සැලකිලිමත් වූ අතරම ඒවා ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් පිළිබඳව ද සැලකිලිමත් විය. පණිවිඩයක් සම්ප්‍රේෂණය මෙන්ම ග්‍රහණය කර ගැනීම සාර්ථකව සිදුවිය යුතුය. එය 
එසේ නොවන්නේ නම් සන්නිවේදනයේ අරමුණු ඉෂ්ඨ නොවේ. ග්‍රාහකත්වයේ ප්‍රධාන කාර්ය සන්දේශ ග්‍රහණය කර ගැනීමයි. මේ සඳහා සන්නිවේදන විද්‍යාවේදී "සංජානනය" යන වචනය ද භාවිත කෙරේ. ග්‍රාහකයා සන්දේශ ග්‍රහණය කර ගැනීම නිර්ණය කිරීම දුෂ්කරය. සන්දේශය ග්‍රහණය කරගත් බව දැකගත හැක්කේ ග්‍රහකයා දක්වන ප්‍රතිචාර වලින් පමණි. ග්‍රාහක ස්ථානයක් ග්‍රහණය කර ගන්නවාට වඩා වැඩි කාර්යන් ‍රැසක් ආවරණය කරයි. එනම්,

සන්දේශ කෙරෙහි අවධානය යොමු කිරීම.
සන්දේශ ග්‍රහණය කර ගැනීම.
සන්දේශ විවරණය.
ප්‍රතිචාර‍ තෝර ගැනීම හා තීරණය කිරීම.
ප්‍රතිචාර දැක්වීම.

ඕනෑමග්‍රහකස්ථානයක්ඉහතසඳහන්අවස්ථාවන්ටමුහුණදේ. ග්‍රාහකයෙකුවිසින්බාහිරලෝකයෙන්පැමිණෙනසියලුමස්න්දේශග්‍රහණයකරනොගනී. ග්‍රාහකයාවිසින්තමන්ගේඉන්දියදැඩිඋත්තේජනයටහෝවඩාවැදගත්යැයිමනසවිසින්‍තෝරගන්නසන්දේශ පමණක් ග්‍රහණය කරගනී. එමෙන්ම ඒවා විවරණය කර ගනිමින් ඊට ලබා දිය යුතු ප්‍රතිචාර ‍තෝරා ගෙන දිය යුතු ප්‍රතිචාර තීරණය කරනු ලබයි. එම ප්‍රතිචාර දැක්වීම හෝ නොදැක්වීම තීරණය කරනු ලබන්නේද ග්‍රාහකස්ථානය විසිනි. ඇතැම් විට ප්‍රතිචාර දැක්වීම නිවේදකස්ථානය විසින් ද මෙහෙයවනු ලැබේ.
සන්දේශය
සන්නිවේදකයා අනෙක් පාර්ශවය සමඟ හුවමාරු කරගන්නා තොරතුරු සන්දේශය යි. එය අදහසක්, මතයක්, ආකල්පයක් වැනිවිවිධ ස්වරූපයන් ගැනීමට ඉඩ තිබේ. සන්දේශයක් යනු පරිපූර්ණ අදහසකි. එය ප්‍රකාශයක් විය හැකිය. ප්‍රශ්න කිරීමක් විය හැකිය. ඒවා තුළ සන්නිවේදනයෙන් අපේක්ෂා කරන දේ සන්දේශය තුළ අන්තර්ගත විය යුතුය. ඕනෑම වාචික හෝ අවාචික හෝ ලිඛිත ප්‍රකාශයක්, සංඥාවක්, සංකේතයක්, අංගචලනයක් තුළින් කියවෙන්නා වූ අදහසක්  ග්‍රාහකයාට මනා ලෙස අවබෝධ කර ගැනීමට යමක් ඒ තුළ ඇත්නම් ඒ සන්දේශයකි.  කෙසේ වෙතත් ඕනෑම නිවේදකස්ථානයක් විසින් නිර්මාණය කරනු ලබන සන්දේශයන් වල පහත සඳහන් ලක්ෂන තිබිය යුතු යැයි පිළිගැනීමක් පවතී. සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක වීමට සන්දේශයක ඵලදායීතාවක් මෙන්ම හොන්ද ප්‍රමිතියක් ද තිබිය යුතුය.

සන්දේශ මාධ්‍යයට උචිත ලෙස නිර්මාණය විය යුතුය. 
සන්දේශ තුළ නිවේදකස්ථානයේ අවශ්‍යතාව නියෝජනය විය යුතුය. 
ග්‍රාහක අවබෝධයට පහසු ලෙස සන්දේශය නිර්මාණය විය යුතුය. 
සන්දේශ ග්‍රාහක ආකර්ශනයකින්යුක්ත විය යුතුය. 
සන්දේශයේ ඇති නිරවුල්භාවය පිළිබඳව සැලකිලිමත්විය යුතුය. 
සන්දේශය අර්ථමය බාධාවලින්තොර විය යුතුය. 
සන්දේශයේ ඇති විශ්වාසනීයත්වය පිලිබඳව  සැලකිලිමත් විය යුතුය.
ආකේතකරණය

සෑම සන්නිවේදන ක්‍රියාවලියකදීම මෙය සිදුවේ. මෙය මානව සන්නිවේදනය ඇසුරින් තේරුම් ගැනීම පහසු වේ. අපගේ සිතේ ඇතිවන අදහස්, හැඟීම් තව අයෙකු සමඟ සන්නිවේදනය කිරීම සඳහා සංකේත උපයෝගී කර ගනිමින් සන්දේශ බවට පරිවර්තනය කළ යුතුය. මෙම ක්‍රියාවලිය ආකේතකරණයයි. 
විකේතකරණය
මෙය සියලු සන්නිවේදන ක්‍රියාවලියන්හිදී දැකිය හැකිවේ. මෙය මානව සන්නිවේදන ක්‍රියාවලියේදී සිදුවන  ආකාරය විමසා බැලීමෙන් පැහැදිලි කර ගත හැකිය. අප වෙත ලැබෙන සන්දේශයක් සමන්විතව ඇත්තේ සංකේත වලිනි. එම සංකේත වලින් කියවෙන දේ අවබෝධ කර ගැනීම සඳහා සංකේත අර්ථකථනය කර ගත යුතුය. එසේ ඉදිරිපත් වන සන්දේශයෙහි අන්තර්ගත සන්දේශ අර්ථකථනය කර එමඟින්  ඉදිරිපත් කෙරෙන අර්ථය අවබෝධ කර ගැනිමේ ක්‍රියාවලිය විකේතකරණය ලෙස හැඳින්වේ. 
ප්‍රතිපෝෂණය
සන්නිවේදකයා සන්දේශයක් ලබා දුන් පසු ග්‍රාහකයා ඒ සම්බන්දයෙන් සන්නිවේදකයා වෙත ලබා දෙන නිරීක්ෂනය කළ හැකි ආකාරයේ ප්‍රතිචාරය හඳුන්වන්නේ ප්‍රතිපෝෂණය යනුවෙනි. සන්නිවේදන ක්‍රියාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රතිපෝෂණය අතිශය ප්‍රයෝජනවත්ය. ලැබෙන ප්‍රතිපෝෂණයට අනුව සන්නිවේදනයේ ගුණාත්මක බව තව දුරටත් ඉහළ නංවාලීමට අවශ්‍ය වන පියවර ගත හැකි වේ. තව ද ප්‍රතිපෝෂනය ධනාත්මක හෝ සෘණාත්මක විය හැකි අතර ප්‍රතිපෝෂණය ලැබීමට ගටහ වන කාලය අනුව එය ක්ෂණික හෝ ප්‍රමාද ප්‍රතිපෝෂණයක් ලෙස හඳුනා ගැනීමට පුළුවන.
බාධා/ඝෝෂා
සන්නිවේදක ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානය දක්වා සන්දේශය සම්ප්‍රේෂණය වීමේ දී ඊට අවහිර වන ලෙස මැදිහත් වන ඕනෑම තත්වයක් ඝෝෂාවක් හෙවත් බාධාවක් ලෙස හැඳින් වේ. ප්‍රධාන බාධක වර්ග දෙකකි.
  මාධ්‍යබාධක- නාලිකාවහෙවත්මාධ්‍යයේඇතිවනදෝෂසහගතතත්වයන්නිසාඇතිවේ. 
  අර්ථ බාධක- සන්දේශයේ අර්ථය හරි හැටි ග්‍රහණය කර ගැනීමට නොහැකි වන විට උද්ගත වේ.

ඉහත සඳහන් ප්‍රධාන බාධක වරග දෙකට අතිරේකව ත්වත් බාධක කිහිපෞයක් ඇත. පාරිසරික බාධක, තාක්ෂණික බාධක,ශාරීරික බාධක, මානසික බාධක ආදියයි.

Monday, November 11, 2019

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

හැඳින්වීම

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සීඝ‍්‍රයෙන ් වෙනස් වන සුළු වූත්, ලෝකය හා වඩා සමීප සබඳතා පවත්වන ්නා වූත් ප‍්‍රායෝගික මෙන්ම ගතික විෂය
ධාරාවක් වේ. විෂය නිර්දේශ අන්තර්ගතයෙහි සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ ශාස්ත‍්‍රීය දැනුවත් භාවයට අදාළ නිපුණතා මට්ටම මෙන්ම සිසුන්ගේ පෞද්ගලික
මෙන්ම සමාජීය ජීවිතය හැඩගැස්මට අවශ්‍ය ප‍්‍රායෝගික සන්නවේදන හා මාධ්‍ය නිප ුණතා සංවර්ධනයට උචිත විෂය කොටස් ද ඇතුළත් කර ඇත.
2016 වසර සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත මෙම විෂය නිර්දේශයෙහි නිපුණතා හයක් යටතේ නිපුණතා මට්ටම් අනුව විෂය අන්තර්ගතය ගොඩනගා තිබේ.
එහි දී ඒ ඒ න ිපුණතා, න ිපුණතා මට්ටම් යටතේ විෂය අන්තර්ගතයට අදාළ ව විවිධ නිපුණතා සංවර්ධනයේ දී ඉටුවෙතැයි අපේක්ෂ ිත ම ූලික ඉගෙනුම් ඵල
හඳුන්වා දීමක ් ද සිදුකර ඇත. විවිධ නිපුණතා සංවර්ධනයේ දී විෂය අන්තර්ගතයට අදාළ ව තවත් ඉගෙනුම් ඵල අත්පත් කර ගැනීමට හැකි වනු ඇත.

ජාතික අරමුණ

පුද්ගලයාට හා සමාජයට අදාළ වන ප‍්‍රධාන ජාතික අරමුණු කරා ළ`ගා වීම ස`දහා පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට ජාතික අධ්‍යාපන පද්ධතියට සහය විය යුතු ය.
වසර ගණනාවක් මුළුල්ලේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අධ්‍යාපන වාර්තා සහ ලේඛන මගින් පුද්ගල හා ජාතික අවශ්‍යතා සපුරාලීම ස`දහා අරමුණු නියම කරනු ලැබී ය.
සමකාලීන අධ්‍යාපන ව්‍යුහයන් හා ක‍්‍රියාවලින් තුළ දැකිය හැකි දුර්වලතා නිසා ධරණීය මානව සංවර්ධන සංකල්ප රාමුව ඇතුළත අධ්‍යාපනය තුළින් ළ``ගාකර ගත
යුතු පහත දැක්වෙන අරමුණු සපුරා ගැනීම අධ්‍යාපන පද්ධතිය ස`දහා වූ තම ඉදිරි දැක්ම ලෙසට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ප‍්‍රත්‍යක්ෂ කොට ගෙන
ඇත.
ෂ මානව අභිමානයට ගරු කිරීමේ සංකල්පයක ් මත පිහිටා ශ‍්‍රී ලාංකික බහුවිධ සමාජයේ සංස්කෘතික විවිධත්වය අවබෝධ කර ගනිමින ් ජාතිකඒකාබද්ධතාව,
ජාතික ඍජු ගුණය, ජාතික සමගිය, එකමුතුකම සහ සාමය ප‍්‍රවර්ධනය කිරීම තූළින් ජාතිය ගොඩ නැගීම සහ ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කිරීම
ෂෂ වෙනස් වන ලෝකයක අභියෝගයන්ට ප‍්‍රතිචාර දක්වන අතර ජාතික උරුමයේ මාහැ`ගි දායාදයන් හ`දුනා ගැනීම සහ සංරක්ෂණය කිරීම
ෂෂෂ මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම, යුතුකම් හා වගකීම් පිළිබ`ද දැනුවත් වීම, හෘදයාංගම බැ`දීමකින් යුතුව එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීම යන ගුණාංග
ප‍්‍රවර්ධනය කිරීමට ඉවහල් වන සමාජ සාධාරණත්ව සම්මතයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රික ජීවන රටාවක් ගැබ් වූ පරිසරයක් නිර්මාණ කිරීම සහ පවත්වා ගෙන යාමට
සහාය වීම
ෂඪ පුද්ගලයින්ගේ මානසික හා ශාරීරික සුව සම්පත් සහ මානව අගයන්ට ගරු කිරීම මත පදනම් වූ තිරසර ජීවන ක‍්‍රමයක් ප‍්‍රවර්ධනය කිරීම
ඪ සුසමාහිත වූ සමබර පෞරුෂයක් ස`දහා නිර්මාපණ හැකියාව, ආරම්භක ශක්තිය, විචාරශීලී චින්තනය, වගකීම හා වගවීම ඇතු`ඵ වෙනත් ධනාත්මක අංග
ලක්ෂණ සංවර්ධනය කිරීම
ඪෂ පුද්ගලයාගේ සහ ජාතියේ ජීවගුණය වැඩිදියුණු කෙරෙන සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ස`දහා දායක වන ඵලදායි කාර්යයන් ස`දහා අධ්‍යාපන තුළින්
මානව සම්පත් සංවර්ධනය කිරීම
ඪෂෂ ශීඝ‍්‍රයෙන් වෙනස් වන ලෝකයක් තුළ සිදු වන වෙනස්කම් අනුව හැඩගැස්වීමට හා ඒවා පාලනය කර ගැනීමට පුද්ගලයින් සුදානම් කිරීම සහ සංකීර්ණ හා
අනපේක්ෂිත අවස්ථාවන්ට සාර්ථක ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම
ඪෂෂෂ ජාත්‍යන්තර ප‍්‍රජාව අතර ගෞරවනීය ස්ථානයක් හිමි කර ගැනීමට දායක වන යුක්තිය සමානත්වය සහ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ ආකල්ප හා
කුසලතා පෝෂණය කිරීම
(උපුටා ගැනීම - ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව 2003)

විෂය අරමුණ

1. සන්නිවේදනයේ න්‍යායික හා මූලධර්මමය පදනම අවබෝධ කර ගැනීම.
2. තත්කාලීන මාධ්‍ය පරිසරය අවබෝධ කර ගැනීම හා විග‍්‍රහ කිරීම.
3. සන්නිවේදන හා මාධ්‍ය පරිසරයේ අවශ්‍යතා සඳහා ස්වකීය නිර්මාණාත්මක හැකියාවන් භාවිත කිරීමේ ක‍්‍රමවේද අත්හදා බැලීම.
4. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසියෙකු හා විචාරශීලී ග‍්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නිපුණතා සංවර්ධනය කර ගැනීම.
5. අනාගත වෘත්තීය අවකාශ සඳහා ස්වකීය සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගැනීම පිළිබඳ ව අවධානයකින් යුතු ව කටයුතු කිරීම.